මුං කිරිබත්
අද අපි කියන්න යන්නේ කොයි කවුරුත් කන්න කැමති තවත් කිරිබත් ජාතියක් ගැන. ඒ තමයි මුං කිරිබත්. මුං කිරිබත් කියන්නේ රස වගේම ගුණයෙනුත් ඉහල උදෑසන ආහාරයක්.
අවශ්‍යය ද්‍රව්‍ය:
- කැකුලු හාල් කෝප්ප 2 (300g)
- මුං ඇට කෝප්ප 1 1\4
- වතුර කෝප්ප 3 1/2
- මිටිකිරි කෝප්ප්ප 1 1/2
- ලුණු තේ හැදි 1 1/2
සාදන අයුරු:
මුලින්ම මුං
ඇට ටික හෝදලා වතුර ටිකක් දාලා තැම්බෙන්න තියන්න. හාල් වලට වඩා මුං ඇට තැම්බෙන්න
වෙලා යන නිසා මුං ඇට යාන්තමට තැම්බීගෙන එන කොට හාල් ටික එකතු කර ගන්න. මුං ඇට
රැයක් පෙගෙන්න තියල ගන්නවානම් ලේසියෙන්ම තම්බා ගන්න පුළුවන්. හාල් සහ මුං ඇට හොදට
තැම්බුනාට පස්සේ, ලුණු එකතු කල මිටි කිරි ටික එකතු කරලා හොදට කලවම් කරන්න. කිරි ටික හොදට බතට උරා ගෙන කිරිබත්
හැදෙනකම් මද ගින්දරේ පිස ගන්න. මුං කිරිබත් ලුණුමිරිස් එක්ක වගේම සීනි ටිකක්
එක්කත් කෑමට ගන්න පුළුවන්. මේ කිරිබත් තුන්දෙනෙකුට හොදටම ප්‍රමාණවත්. රස බලලා
අපිටත් විස්තර කියන්න.
No comments:
Post a Comment