.


කටට රහට කන්න නම් අපි හැමෝම කැමතියි. ඒත් උයන්න නම් පොඩ්ඩක් විතර කම්මැලි නේද? සමහරවිට අපි ගෙවන කාර්යබහුල ජීවිතේ ඒකට හේතුවක් වෙන්නත් පුළුවන්. හැබැයි පොඩ්ඩක් නිවාඩුවේ හිතල බැලුවොත් එක එක රසට අලුත් අලුත් ජාතියේ කෑම බීම හදන එක හරිම හොද විනෝදාංශයක්. මේ විනෝදාංශයෙන් ලැබෙන සතුට පවුලේ හැමෝම එක්ක බෙදාහදා ගන්නත් පුළුවන්. 


අපි මේ විදියට බ්ලොග් පිටුවක් නිර්මාණය කරන්න හිතුවේ කාරණා කීපයක් හින්දා. උයන පිහන එක ටිකක් කරදරයි කියන අදහස අයින් කරලා උයන එක හොද විනෝදයක් කරගන්න පුලුවන් කියන එක ඔයාලට අපේ බ්ලොග් පිටුව බලද්දි තේරෙයි. ඒ වගේම අපි කටට රහට හැදුව කෑම ජාති, පොඩි පොඩි පෝෂණීය කරුණු ඔයාලා එක්ක බෙදා ගන්නත් මේ බ්ලොග් පිටුව හරහා අපිට පුලුවන් වෙයි. ඒ වගේම ඔයාල හදන්න දන්න අලුත් කෑම බීම ජාති, උයන්න ගිහිල්ල වුණ රසවත් දේවල් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.













මේ කාරණා ටික කියන්නේ පිරිමි පක්ෂයේ අයට. සාමාන්‍යයෙන් ගෙදරඋයන පිහන වැඩ  කරන්නේ කාන්තා පක්ෂයේ අයනේ. ඉදලා හිටලා දවසක ගෙදර අයට පොඩි කෑමක් හදලා දුන්නොත් කොහොමද? ගෙදර අයව පුදුමයට වගේම එයාලට ලොකු සතුටක් ගෙනත් දෙන්න ඔයාලා හදන පුංචි රස කෑමකට පුළුවන් වෙයි. ගෙදර කට්ටියව තරු පහේ හෝටලයකට එක්ක ගියට වඩා සතුටෙන් ඔයා හදන කෑම එක කන බව නම් අනිවාර්යයි. අපේ බ්ලොබ් පිටුව බලලා දැන් ඔයාලටත් කෑම හදන්න පුළුවන්. ඉඩක් ලැබුණු වෙලාවට අම්මත් එක්ක , බිරිදත් එක්ක එකතු වෙලා උයන්න.  කරන්නේ පොඩි දෙයක් වුණාට ගෙදර අයට ආදරණීය හැගීමක්, සතුටක් දෙන්න මේ  විනෝදාංශයෙන් ඔයාලත් පුළුවන් වේවි.